හිටපු ජනපති පුත් පසුගිය දා අත්අඩංගුවට පත් වූ යෝෂිත රාජපක්ෂ වෙත ගිනි අවි 6ක් ලබා දී තිබූ බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පවසනවා.
මේවායින් 4ක් බාර දී ඇතත් තව දෙකක් ඔහු ළඟ තිබෙන බවත්, ඉන් එකක් ඔහු නැවත බාර දිය යුතු බවත් ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියා.
විවිධ පුද්ගලයන්ට ලබා දී තිබූ ගිනි අවි 1697කින් මේ වන විට 1368ක ප්‍රමාණයක් නැවත රජයට බාර දී ඇතත් තවත් 200කට ආසන්න ප්‍රමාණයක් බාර දිය යුතු වෙනවා. මෙම අයට එදිරිව නීති ක්‍රියාමාර්ග ගැනෙනු ඇතැයි ලේකම්වරයා අවධාරණය කළා.
යෝෂිත රාජපක්ෂ වෙත මෙලෙස ගිනි අවි ප්‍රමාණයක් ලබා දී ඇති හේතු සහ ලබා දුන්නේ කුමන පදනමකින්දැයි සොයා බැලිය යුතු බවයි සමාජයේ බොහො දෙනා පවසන්නේ.