Thu. May 1st, 2025

පරණ වීඩියෝ ලීක් කරොත් වැඩ වරදියි

දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී සිදු වූ සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන මේ දිනවල යළි සමාජ මාධ්‍යයේ සංසරණය වීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපොළ දක්වා ගමන් කරන ඇතැම් වාහන විවිධ පුද්ගලයන් විසින් පරීක්ෂා කිරීම සහ ඇඳිරි නීතිය පැනවූ අවස්ථාවලදී ලබා ගත් වීඩියෝ දර්ශන ආදිය මේ දිනවල හුවමාරු වෙමින් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

මෙවැනි වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවීමෙන් වැරදි මතයක් සමාජගත වන බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාශසය පවසනවා.

අදාළ වීඩියෝ පට කාලීන සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ජනතාව නොමග යැවීමක් බවත්, එය රට තුළ මහජන සාමය හා නීතිය ආරක්ෂා කිරීමට බාධාවක් බවත් මාධ්‍ය කොට්ඨාශය වැඩි දුරටත් පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් එවැනි වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ පළ කිරීම හා බෙදාහැරීමෙන් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි එවැනි වීඩියෝ දර්ශන පළ කරන අයට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන බව ද පොලිසිය ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *