විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකු ලෙස සැලකෙන ශාන් අරොශ් ජයසිංහ හෙවත් මතුගම ශාන් නමැත්තාගේ 40 වන උපන්දිනය සමරා 1000කට ආසන්න පිරිසකට ලබා දුන් සාදයට ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මැතිවරණ අපේක්ෂකයෙක්ද සහභාගි වී ඇතැයි අද (04) ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.
මෙම සාදය මතුගම සුපිරි හෝටලයක පවත්වා ඇති අතර මෑතකදී ඇරඹූ දේශපාලන පක්ෂයකින් කළුතරට තරඟ වදින හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුද මේ සඳහා සහභාගි වූ බවයි වාර්තාව පවසන්නේ.
මේ අපේක්ෂකයා සාදයේ මේසයෙන් මේසය වෙත ගොස් දේශපාලන වාසි පිණිස සියලු දෙනා සමඟ කතා බහ කළ බව පැවසෙනවා.
මධ්‍යම රාත්‍රිය දක්වා සියලු මධුපැන් රසමසවුළුවලින් අඩුවක් නොවී පැවැති සාදය ඉහළින් කරන්නැයි හෝටලයේ කළමනාකාරිත්වය අමතා මතුගම ශාන් උපදෙස් දී ඇතැයි සඳහන්.
නීතියට හිස නමන වත්මන් රජය මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගයක් ඇත්දැයි ජනතාව විමසිලිමත්ව සිටිනවා.