රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා මුදල් ඇමැති ලෙස තමා පෙර ගත් තීරණය නීත්‍යානුකූල බවත් එය වහා ක්‍රියාත්මක් කළ යුතු බවත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ කියා සිටිනවා.
තමා ජනපතිවරණයෙන් ජයගත්ත් නම් ලබන ජනවාරි මස සිට වැටුප් වැඩිවීමක් ලබා දීමට සැලසුම් කර තිබු බවයි ඔහු කියා ඇත්තේ.
අද (23) පැවැති රාජ්‍ය සේවක වෘත්තීය සමිති නියෝජිතයන් හමුවකදී හිටපු ජනපතිවරයා මෙසේ පවසා ඇති බව සඳහන්.
වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම සාධාරණ බව පවසන හිටපු ජනපති, මිනිසුන්ගේ වැටුප්වල වටිනාකම 50%කින් අඩුව ඇති බව කියා සිටිනවා. මිනිසුන් ජීවත් වන්නේ ඉතා අමාරුවෙන් බවත් තමන් මේ වසරේදී රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10000කින් වැඩි කළ බවද සිහිපත් කළා.
වැටුප් ලබා දීමට මුදල් ඇති බවත් එසේ සල්ලි නෑ කියන්නේ නම් එය අමුතු කතාවක් බව කී හිටපු ජනපති රනිල්, එම මුදල් එසේ නම් කොහිදැයි රටට කිව යුතු බවද කියා සිටියා.