Sat. Jun 28th, 2025

බහුතරය අරන් අනුර එක්ක සජිත් කරන්න යන දේ

පාර්ලිමේන්තුවේ බහුතරය ලැබුණොත් ජනාධිපතිවරයා සමඟ එක්ව IMF ගිවිසුම සංශෝධනය කරන බව සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස පැවසුවා.

හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාත්මක කළ අසාධාරණ බදු සූත්‍රය ඉක්මණින් වෙනස් වෙනු ඇතැයි තමන් විශ්වාසයෙන් සිටින බවයි ප්‍රේමදාස කියා සිටියේ.

අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව මේ බදු සූත්‍රය වෙනස් කරන විට IMF සමඟ සාකච්ඡා කර කට වචනයට පමණක් නොව ප්‍රායෝගිකව වෙනස් කිරීමට කටයුතු කළ යුතු බවත් දස ලක්ෂ සංඛ්‍යාත ජනතාව තමන් විසින් සෘජු සහ වක්‍ර බදු අඩු කරන තුරු අපේක්ෂාවෙන් සිටින බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *