රජය විසින් තීරණය කරන ලද වතු සේවකයින්ගේ දෛනික වැටුප ලබා නොදෙන වතු හාම්පුතුන්ගේ බදු ගිවිසුම් දීර්ඝ නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (09) පවසනවා
රුපියල් 1,000ක් පැවති වතු සේවක දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැංවුවා
කෙසේ වෙතත් අදාළ ගැසට් නිවේදනයට එරෙහිව වැවිලි සමාගම් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වූ අතර ඒ අනුව ඉකුත් 28 වනදා ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් වතු සේවක වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කලා