කැනඩාවට පිටත්ව යාමට සූදානමින් සිටි තරුණයෙකුගේ සිරුරක් මල්ලාවි වවුනිකුලම වැවේ තිබි සොයාගත් බව මල්ලාවි පොලීසිය පවසනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ මුලතිව්,මල්ලාවි,යෝගපුරම් ප්‍රදේශයේ පදිංචි ආනන්දරාසා සජීවන් නමැති 27 හැවිරිදි තරුණයෙක්.
ඔහු අගෝස්තු 01 වැනිදා කැනඩාවට යාම සඳහා සූදානම්න් සිට ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක මුදලක් ඇමරිකානු ඩොලර් සඳහා හුවමාරු කිරීමට ගොස් ඇති අතර එම අවස්ථාවේදී තරුණයා සැක කටයුතු ලෙස මිය ගොස් ඇති බවටයි පොලීසියට පැමිණිලි ලැබී තිබෙන්නේ.
තරුණයා ගමන් කළ යැයි සැක කටයුතු යතුරුපැදියක් වවුනිකුලම වැව අසළ තිබී පොලීසියට හමු වී තිබෙනවා.
අනතුරුව තරුණයාගේ මළ සිරුර වවුනිකුලම වැවේ තිබී හමු වූ බවත් ඔහු ළග තිබු මුදල් කොල්ලකෑම සඳහා මෙම ඝාතනය සිදු කර ඇති බවටයි පොලීසිය සැක පල කරන්නේ.