කෙහෙල්බද්දර පද්මේගේ බිරියගේ පන්නල පිහිටි නිවස විඩියෝගත කරමින් සිටිය දී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයන් දෙදෙනා මාර්තු මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය අද (27) නියෝග කර තිබෙනවා.
අදාළ නිවැසියන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් පවතින බවට ලද තොරතුරකට අනුව පන්නල පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන අවස්ථාවේදී මෙම තරුණයන් අත්අඩංගුවට වී තිබුණා.
එලෙස අත්අඩංගුවට පත් වූයේ වයස අවුරුදු 21 හා 24 යන වයස්වල පසුවන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තරුණයින් දෙදෙනෙක්.
එම නිවසට පිවිසිය හැකි ගමන්මග විඩියෝ කර තමන්ට එවන ලෙසට ඩුබායි සමීර නැමැත්තා උපදෙස් දුන් බවත් මත්ද්‍රව්‍ය පානය කිරීමට විටින් විට ඔහු විසින් මුදල් ලබාදීම හේතුවෙන් එය සිදුකළ බවත් සැකකරුවන් පොලිසිය හමුවේ පවසා තිබුණා