Sat. Jun 28th, 2025

තම දරුවාට අමානුෂිකව පහර දුන් කුකුල් චමින්දට වෙච්ච දේ

Jun5,2024

වැලිඔය සම්පත්නුවර කල්‍යාණපුර ගම්මානයේ පසුගියදා කුඩ දරුවකුට අමානුෂිකව පහරදුන් සිද්දියේ ප්‍රධාන සැකකරු වන කුකුල් චමින්ද නොහොත් බිබිලේ චමින්ද අද (05) අලුයම අත්අඩංගුවට ගත් බවට පොලීසිය පැවසීය.

සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වූ කුඩා ළමයකුට කෑම කමින් සිටියදී පහරදෙන විඩියෝවට අදාල ප්‍රධාන සැකකාර පුද්ගලයා වන කුකුල් චමින්ද නැමැත්තා සහ මෙම සිද්ධියට අනුබල දුන් කාන්තාවන් දෙදෙනා අද දින අලුයම පුල්මුඩේ,අරසිමලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

මේ අතර අමානුෂිකව පහරකෑමට ලක්වූ වින්දිත කුඩා දරුවාද සොයාගෙන ඇති අතර දරුවා යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවටද පොලීසිය පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *