Tue. Jun 24th, 2025

අධිකරණයට භාර වූ වැලිගම OICට ඇප

Mar4,2025 #weligama oic

අද (04) පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවූ වැලිගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාව ඇප මත මුදාහැර තිබෙනවා.

රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප 2ක් මත ඔහුව මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබුණා.

කෙසේ වෙතත් සැකකාර වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ විදෙස් ගමන් තහනම් කර ඇති අතර හෙට (05) දිනයේ දී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ද නියෝග කර තිබෙනවා.

2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා මෙලෙස අධිකරණයට භාර වී තිබුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා නියෝග කර ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *