ජාතික ජනබලවේගයෙන් පසුව මෙරට පාලනය වෙනත් පක්ෂයකට යන්නේ නම් ඒ ජනසෙත පෙරමුණට බව එම පක්ෂයේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි පවසනවා.
මෙරට පරිණත නායකයන් යැයි කියාගත් අයට ජනතාව ගහලා එලවූ බවයි උන්වහන්සේ කියා සිටියේ.
හොරුන්, වංචාකාරයන්, මිනීමරුවන් කිසිවෙකු තම පක්ෂයේ නැති බව කී හිමියෝ වත්මන් ආණ්ඩුව හොඳ නැති බව යම් මොහොතක ජනතාව සිතුවොත් තම පක්ෂයට බලය ලබා දෙන බව පැවසුවා.