අවුරුදු හැත්තෑ හයක්ම අපි කරලා තියෙන්නේ ප්‍රතිපත්තිමය දේශපාලනයට එහා ගියපු පුද්ගල බද්ධ දේශපාලනයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගෑස් සිලින්ඩරය ලකුණින් මෙවර මහ මැතිවරණයට තරඟ කරන කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ගලෙන්බිඳුණුවැවදී පැවති ජන හමුවකදී.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසුවා.
“සමහරු නම් කියනවා වෘත්තිකයෝ වැඩි වුණාම හොඳයි කියලා. හැබැයි දේශපාලනය කරන්න ඕන දේශපාලනය දන්න කියන කට්ටිය. අපේ ඉන්න සියලු අපේක්ෂකයෝ සියලු දෙනාම දේශපාලඥයෝ. ඉන්න තැන දන්න, හම්බෙන්න පුලුවන්. අපේ අපේක්ෂකයෝ විදිහට අපි දාලා ඉන්නේ පහුගිය කාළය පුරා ම තමන්ගේ දේශපාලන ඉතිහාසය ගැන කතා කරොත්, මේ ප්‍රදේශයේ අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට වැඩක් කරපු කට්ටිය. මොකද අවුරුදු හැත්තෑ හයක් ම අපි කරලා තියෙන්නේ ප්‍රතිපත්තිමය දේශපාලනයට එහා ගියපු පුද්ගල බද්ධ දේශපාලනයක්. මීට අවුරුදු දහයකට කලින් හොරොව්පතාන ආසනය මෙහෙමද තිබ්බේ කියලා ඔබතුමාලා ඔබතුමන්ලාගේ පපුවට තට්ටු කරලා ඇහුවොත්, අවුරුදු දහයකට කලින් ඔබතුමන්ලාගේ ගම කොහොමද තිබුණේ කියලා ඔබතුමන්ලා මතක් කර ගත්තොත් පහුගිය මැතිවරණයේ කවුරු කොහොම කිව්වත් ඒ සියලුම සංවර්ධනය කරලා තියෙන්නේ ඒ දේශපාලඥයෝ ටික.”