පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් කප්පාදු කරන බවට තම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් සඳහන් කර නොමැති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර පවසනවා.
මේ සම්බන්ධ නිශ්චිත කරුණු තම පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති බව කියන ඈ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විපක්ෂයේ ද සිටින බැවින් වැටුප් කපා හැරීම ගැන කිව නොහැකි බව කියා සිටිනවා.
ජාතික ජනබලවේගයේ මන්ත්‍රී වැටුප් පොදු අරමුදලකට බැර වන බැවින් එමගින් තමන්ට ප්‍රමාණවත් දීමනාවක් ලැබෙනු ඇතැයිද ඇය කියා සිටියා. මේ කරුණු ඇය රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් කියා සිටියා.
මැතිවරණයට පෙර ආර්ථික කටයුතු සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහට එරෙහිව දැඩිව පෙනී සිටි අයෙකු වනවා.