ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක සැසිවාරය අතරතුර ක්‍රියාකලාපය හේතුවෙන් ඇති වූ තත්වය මත තමාට පෞද්ගලික ආරක්ෂාව අවශ්‍ය බව යාපනය දිස්ත්‍රික් නව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පවසා තිබෙනවා.
විපක්ෂ නායකවරයාට වෙන කර තිබු සාම්ප්‍රදායික අසුනේ අසුන්ගත් මන්ත්‍රීවරයා ඉන් ඉවත්වීම ප්‍රතික්ෂේප කළ අතර වාර්ගික ප්‍රකාශ කළ බවටද චෝදනා එල්ල වුණා.
අද (25) නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැති වැඩමුළුවේදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මෙම සිද්ධිය නිසා තමන්ට දැඩි තර්ජන එල්ල වී ඇති බවයි.
“ආසන සිද්ධිය නිසා මට පාරේ යන්නවත් බෑ. මාධ්‍යවලින් විනාඩි 40-50 සාකච්ඡා ගත්තා. ඔවුන් මා එල්ටීටීඊයට සම්බන්ධ දැ යි ප්‍රශ්න කරනවා. මම පිළිතුරු දුන්නේ නැහැ. නමුත් මෙම ප්‍රශ්නවලට පිළිතුරු නොදී මට පාරෙ යන්නවත් බැහැ.”
මේ නිසාවෙන් තමාට ආරක්ෂාව අවශ්‍ය බවත් එය ලැබෙන්නේ කවදාද යන්නත් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළා. කෙසේ වෙතත් පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න කියා සිටියේ මේ සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් ලිඛිත ඉල්ලීමක් කළ යුතු බවයි.