Sun. Jun 29th, 2025

බඹර ප්‍රහාරයක් – 18ක් රෝහලේ

Aug16,2024

බගවන්තලාව ප්‍රදේශයේ තේ දළු නෙලමින් සිටි කම්කරුවන් පිරිසකට එල්ලවූ බඹර ප්‍රහාරයකින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

බගවන්තලාව කර්කස්වොල් තේ වත්තේ ගසක තිබූ බඹර කූඩුවක සිටි බඹරුන් එකවර ඇවිස්සීමෙන් මෙය සිදුව තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාවන් 6 දෙනෙකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණා.

සෙසු පිරිසගේ තත්ත්වය බරපතල නොවන බැවින් ඔවුන් වතුයායේ පිහිටි රෝහලෙන් ප්‍රතිකාර ලබා ගත්තා.

තේ වතු ආශ්‍රිතව විශාල ගස්වල මෙන්ම තේ පදුරු මත බඹරුන් විශාල වශයෙන් කූඩු බැද ඇති බව වතු කම්කරුවන් පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *