ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගැයීම් නිලධාරී, ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව අනිවාර්ය නිවාඩු යවා ඔහු පිළිබඳව රහස් පොලිසියට පැමිණිලි කිරීමටද එම අධිකාරියේ සභාපති ආනන්ද විජේවික්‍රම කටයුතු කර ඇතැයි වාර්තා වෙනවා.
මෙම අධිකාරියේ රහස්‍ය තොරතුරු බාහිර සමාගම්වලට ලබා දෙන බවට වන පැමිණිල්ලකට අනුව එසේ මෙම නිලධාරියාට එරෙහිව කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසන්නේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වංචනික ක්‍රියා හෙළිදරව් කිරීම් නිසා මෙම පලිගැනීම සිදු කර ඇති බවයි. රහස්‍ය තොරතුරු බව පවසමින් දූෂණ වංචාවලට අදාළ තොරතුරු රහසිගතව පවත්වාගෙන යෑම සඳහා වෘත්තිකයන් බිය වැද්දීම හෙළා දකින බවද ඔහු පවසනවා.