Mon. Apr 28th, 2025

වප් පුන් පොහොය අදයි!

Oct17,2024 #2024 #news

අවුරුද්දේ 10 වැනි මාසයේ හෙවත් ඔක්තෝම්බර් එළැඹෙන පොහොය වප් පුන් පොහොය දිනයයි. මෙය බෞද්ධ ජනතාවට කරුණු කිහිපයක් නිසා වැදගත් වෙනවා.

බුදුන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම වීම,

මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලැබීම,

සංඝමිත්තා තෙරණිය ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩමවීමට දූත පිරිසක් දඹදිව යැවීම,

පෙහෙවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා වස් පවාරණය කිරීම,

ආදී වශයෙන් කරුණු බෞද්ධ ජනයා වෙත මෙම පොහොය මගින් සිහිපත් කර දෙනවා.

රට පුරා වෙහෙර විහාරවල ආමිස සහ ප්‍රතිපත්ති පූජා අනුව මෙම පොහොය දිනය ගත වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *