ජනාධිපතිවරණයෙන් ලද ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.
ඔහු පවසා සිටියේ රනිල්ගේ වැඩ සටහනට වඩා අනුරගේ වැඩසටහන ගැන ජනතාව විශ්වාසය තබා තිබෙන බවත් නැවත පෝලිම් යුගයක් ඇති නොවන පරිදි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කටයුතු කළ යුතුව ඇති බවත්ය.
ඔහු වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කළා.
“රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ඔහුට ඡන්දය දුන් සැමට සිය ස්තුතිය පළ කර තිබෙනවා. ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විවිධ දේශපාලන මත දරන කණ්ඩායම් සිය ඡන්දය භාවිත කළා. 42%ක ජන වරමක් ලබා දෙමින් අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපතිවරයාට ශ්‍රී ලාංකික මහජනතාව විසින් විශාල වගකීමක් පවරා තිබෙනවා. එම වගකීම ක්‍රියාත්මක කිරීම සඳහා යම් කාල සීමාවක් ලබා දිය යුතුව තිබෙනවා. ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන කණ්ඩායමට සියලු දේශපාලන පක්ෂ සහයෝගය දිය යුතුව තිබෙනවා.”