Sun. Jun 29th, 2025

වාඩියක මළ සිරුරක් – තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට

Jul22,2024

හම්බෙගමුව – කුකුල්කටුව ප්‍රදේශයේ හේනක සකසා තිබූ වාඩියක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (21) උදෑසන හම්බෙගමුව පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයක දී එම සිරුර හමුවූ බවයි.

එය පහරදීමකින් සිදූ වූ ඝාතනයක් බවට හෙළි වී තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 51 හැවිරිදි මහගම, මතුගම ප්‍රදේශයේ සිට පැමිණ හම්බෙගමුව – කුකුල්කටුව ප්‍රදේශයේ වගා කටයුතු සිදුකරමින් සිටි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා තවත් දෙදෙනෙකු සමග එම වාඩියේ මත්පැන් පානය කරමින් සිට ඇති අතර එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු තියුණූ ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඝාතනය සිදුකළ බවට සැකපිට 25 හැවිරිදි සහ 27 හැවිරිදි වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම සැකකරුවන් හම්බේගමුව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි.

හම්බේගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *