ජාතික ජනබලවේග ආණ්ඩුව වසර 10කින් මෙරට සෑම නිවසකටම වාහනයක් මිලට ගත හැකි ආර්ථිකයක් නිර්මාණය කරන බව ජාතික ජනබලවේගයේ ගාල්ල දිස්ත්රික් කණ්ඩායම් නායක නලින් හේවගේ පවසනවා.
විදෙස් රටක එක් මසක ආදායමෙන් මෝටර් රථයක් මිලට ගත හැකි බවත් අපේ රටේ ජීවිත කාලයම මුදල් එකතු කළත් ට්රැක්ටර් රෝදයක් පමණක් මිලට ගත හැකි බවත් ඔහු පැවසුවේ ජනහමුවක් අමතමින්.
ජපානයේ නිෂ්පාදිත විට්ස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 12කට ලංකාවට ගෙනා හැකි බවත් රජයෙන් ඒවා සඳහා රුපියල් ලක්ෂ 70-80 බදු අය කරන බවත් පවසන හේවගේ මෙසේ වී ඇත්තේ තක්කඩි ආණ්ඩුව නිසා බවද පැහැදිලි කරනු ලැබුවා.