පොලිස් නිල සුනඛ අංශය සඳහා රුපියල් පන්කෝටි අසූලක්ෂයක් වටිනා සුනඛයන් තිස්පස් දෙනෙකු නෙදර්ලන්තයේ සිට දිවයිනට රැගෙන ආවා.
බෙල්ජියම්, මැලිනොයිස් වර්ගයේ සුනඛයන් 13 දෙනෙකු ,ජර්මන් ෂෙපඩ් වර්ගයේ 12 දෙනෙකු සහ ඉංග්‍රිෂ් ස්පැනියෙල් වර්ගයේ සුනඛයින් 10දෙනෙකු මෙසේ දිවයිනට රැගෙන ආවා.
මෙසේ රැගෙන ආ ඉංග්‍රිෂ් ස්පැනියෙල් වර්ගයේ ගැහැණු සතුන් දෙදෙනෙකු ගර්භනී තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.
2018 වසරේදීද මේ අයුරින්ම පොලිස් නිල සුනඛ කොට්ඨාසය සඳහා සුනඛයන් රැගෙන ඒම සිදුවුණා.
සුනඛයන් නිල වශයෙන් භාර ගැනීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සත්ව නිරෝධායන අංශය වෙත පැමිණ සිටියා.