Wed. Apr 30th, 2025

බෝගොල්ලාගම ගැන විජිත කිව්ව කතාව

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගම සම්බන්ධයෙන් විවිධාකාර චෝදනා ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති විජිත් හේරත් පිළිගත්තා.

ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ චෝදනා එල්ලවන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් කඩිනමින් මෙරටට ගෙනවාගැනීම මගින් රටට යම් ගැටළුවක් ඇති විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ක්‍රමානුකුලව කටයුතු කරන බවයි.

මහකොමසාරිස්වරයාගේ නිවසේ සේවය කළ සේවකයකුගේ ගුවන් ගමන් බලපත්‍රය රඳවාගෙන සිටි බව දැනගන්නට ලැබුණු බවත් පසුව අදාළ සේවකයාට මෙරටට පැමිණීමට පහසුකම් රජය විසින් සපයා දුන් බව ද හෙතෙම අනාවරණය කළා.

චෝදනා එල්ලවන ශ්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සම්බන්ධයෙන් රජය ක්‍රමානුකුලව කටයුතු කරන බවත් දේශපාලන පත්වීම් ලද ඇතැමුන් නුදුරේදීම සේවා කාලය නිමවා මෙරටට පැමිණීමට නියමිත බවත් ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *