Sat. Jun 28th, 2025

වාහන ගෙන්වීම ස්ථිරයි!

Dec10,2024 #news #sl economy #slpolitics

යම් සීමාකිරීම් සහිතව වුවද වාහන ආනයනයට ඉඩ දෙන බව ඇමැති නලින්ද ජයතිස්ස පවසනවා. ඊයේ (9) පැවැති රූපවාහිනී වැඩසටහනකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

අවසන් කැබිනට් හමුවේදී මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු වාහන ආනයනය සම්බන්ධයෙන් කැබිනට් තීන්දුව ප්‍රකාශ කළ බව කී ඇමැතිවරයා, එසේ වුවද ඕනෑම වාහනයක් ආනයනට ඉඩ දෙනවා වැනි දැන්වීම් පළ කර ජනතාව අවුල්සහගත තත්වයට පත් නොකරන්නැයි ද සමාගම්වලට කියා සිටියා.

තම රජය මුදල් සංචිත සම්බන්ධයෙන් සැලකිලිමත් වෙමින් ක්‍රමානුකූලව තීරණ ගන්නා බවයි ඔහු අවධාරණය කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *