Sat. Jun 28th, 2025

වනඅලියෙක් පහරදී පුද්ගලයෙක් මියගොස්

Jul11,2024

මහියංගනය පොලිස් වසමේ කිරලමුල්ල ප්‍රදේශයේ වනඅලියෙකු පහරදිමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට පොලීසියට ජූලි (07) වනදා ලැබුණු පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පසුව අනාවරණය වී ඇත්තේ එය වනඅලි ප්‍රහාරයකින් සිදු වූ මරණයක් නොව එය මනුෂ්‍ය ඝාතනයක් බවයි.

සිද්ධිය සිදු වූ දින රාත්‍රී කාලයේදී මියගිය පුද්ගලයා නිවසට නොපැමිණීම නිසා ඔහුගේ මව ඒ සම්බන්ධයෙන් සොයා බලා ඇති අතර ඔහු වනඅලියෙකු පහරදී තුවාල ලබා ප්‍රදේශයේ පිහිටි දේවාලයකට ගෙනවිත් ඇති බවට ආරංචි වී තිබෙනවා.

පසුව මරණකරුගේ මව ත්‍රීරෝද රථයකින් සිය පුතු නිවසට ගෙන්වා ගෙන ඇති අතර එහිදී මරණකරු පවසා ඇත්තේ තමාට වනඅලියෙකු පහර නොදුන් බවයි.

ඉන්පසුව සුළු වේලාවකින් ඔහු සිහිසුන් තත්ත්වයට පත්ව තිබෙනවා.

ඔහුව රෝහල්ගත කිරීම සඳහා 1990 ගිලන් රථ සේවයට දැනුම් දී ඇති අතර එහි නිලධාරීන් පැමිණ ඔහුව පරීක්ෂා කර එම පුද්ගලයා මිය ගොස් ඇති බව නිවැසියන්ට දැනුම් දී තිබෙනවා.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් පිරිසක් විසින් මරණකරුට පහරදීමක් සිදු කර පසුව ප්‍රදේශයේ දේවාලය වෙත රැගෙනවිත් ඇති බවට විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (10) දින අත්අඩංගුවට ගෙන පවසනවා.

අත්අඩංගුවටගත් සැකකරුවන් වයස අවුරුදු 18, 24, 28 හා 35 යන වයස්වල පසුවන මහියංගනය, ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *