Wed. Apr 30th, 2025

අගමැති – ඇමැති ෆොටෝ භාවිතයට අගමැති කාර්යාලයෙන් කොන්දේසි

රාජ්‍ය ආයතනවලින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ සහ අමාත්‍යවරුන්ගේ ඡායාරූප හා පණිවුඩ යොදා ගැනීමේදී පූර්ව ලිඛිත අවසරයක් ලබාගත යුතු බව අග්‍රාමාත්‍ය කාර්යාලය  නිවේදනය කරනවා.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිපි යොමු කරමින් මේ බව දැනුම් දී තිබෙනවා.

රජයේ ප්‍රතිපත්තීන්ට හා ඉදිරි දැක්මට අනුකුල වීම සඳහා ප්‍රශස්තව රාජ්‍ය මූල්‍ය පරිහරණය කිරීම වෙනුවෙන් එම තීරණය ගෙන ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව අග්‍රාමාත්‍යවරියගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේදී අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබාගත යුතු වෙනවා.

එමෙන්ම අමාත්‍යවරුන් වෙනුවෙන් අදාළ අමාත්‍යාංශයෙන් අවසර ගත යුතු බව අග්‍රාමාත්‍ය ලේකම්වරයා දැනුම් දෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය තව දුරටත් සඳහන් කළේ ස්මාරක, සමරු ඵලක, සමරු කලාප මෙන්ම විද්‍යුත් සහ මුද්‍රිත ප්‍රකාශ සඳහා මෙය වලංගු බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *