Sat. Jun 28th, 2025

USAID රට කළඹයි : ලංකාවේ බලය පෙරළන්න මුදල් යෙදුවා?

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය හෙවත් USAID හරහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, යුකරේනය, සිරියාව, පාකිස්තානය හා ඉන්දියා ඇතුළු රටවල් 9ක ආණ්ඩු වෙනස් කිරීමට කටයුතු කර ඇති බව ට්‍රම්ප් පාලනය විසින් හෙළිදරව් කිරීම මෙරට දේශපාලනය සසල කර තිබෙනවා.

මේ බව ඇමෙරිකානු ආයතනයවල මූල්‍ය වංචා සෙවීමට පත් කළ කමිටුවේ ප්‍රධානී ඊ‌ලෝන් මස්ක්ද 11 වැනිදා අනාවරණය කළා.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වය පදනම් වී භාෂා භාවිතය සිදු නොකරන ආකාරය පිළිබඳ වැඩමුළු සඳහා යැයි කියමින් ඇමරිකන් ඩොලර් මිලියන 7.9 ක් හෙවත් රුපියල් 24,000,000,000 ක (බිලියන 24ක්) මුදලක් වැය කර ඇති බවත් එය විකාරරූපී ව්‍යාපෘතියක් බවත් ඇමරිකාව පවසා තිබුණා.

මෙවැනි දැවැන්ත මුදලක් එවැනි කුඩා වැඩමුළු සඳහා වැය වීම ප්‍රායෝගික නැතිබව පැවසෙන අතර මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා අල්ලස දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානය ඊයේ රහස් පොලිසියට පැමිණිල්ලක්ද සිදු කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *