රුහුණු විශ්වවිද්‍යාලයේ අනධ්‍යන කාර්‍ය මණ්ඩලය ඇරඹූ වැඩවර්ජනය සිව් වන දිනටත්(22) ක්‍රියාත්මක බව වාර්තා වෙනවා.
එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙසයි අනධ්‍යන කාර්‍යමණ්ඩලය ඉල්ලා සිටින්නේ.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සහ එම විශ්වවිද්‍යාලයේ සිසුන් එක්වී පසුගියදා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමග සාකච්ඡාවක් ද පවත්වනු ලැබුවා.
උපකුලපතිවරයාට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ද විරෝධය එල්ල වුණා.