යාපනය ශික්ෂණ රෝහලේදී දින දෙකක් අතුළතදී උණ රෝගයකින් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.
එම රෝහලේ අධ්‍යක්ෂ පී. සත්‍යමූර්ති ප්‍රකාශ කළේ එම මිය ගිය අයගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹට එවා ඇති බවයි.
උණ රෝගය සහ කැස්ස වැළඳී මෙම තිදෙනා යාපනය රෝහලට ඇතුළත් කර ඇති අතර මිය යෑමට පෙර මෙම අයගේ රෝග විනිශ්චය කිරීමට නොහැකි වී තිබෙනවා.
මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 42.32 හා 28 වයස්වල පසුවූ තිදෙනෙක්.
රෝහල් අධ්‍යක්ෂවරයා පවසන්නේ උණ සහ කැස්ස වැළඳී ඇත්නම් වහාම ළඟම පිහිටි රජයේ රෝහලක් වෙත ගොස් රුධිර සාම්පල පරීක්ෂාවක් සිදු කරගන්නා ලෙසයි.