Sat. Jun 28th, 2025

එක්සත් ජාතීන්ගෙන් යුක්තියට විරෝධයක්

ශ්‍රී ලංකා පොලීසිය විසින් ආරම්භ කර ඇති මත්ද්‍රව්‍ය විරෝධී ‘යුක්තිය මෙහෙයුම’ අත්හිටුවා එම මෙහෙයුම යටතේ රඳවා ගෙන ඇති සියලු පුද්ගලයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට යළිත් වරක් නිර්දේශ කර තිබෙනවා.

මත්ද්‍රව්‍යවලට නැඹුරුතාවයක් ඇති ජනතාවට ප්‍රජා මූලික ප්‍රතිකාර, පුනරුත්ථාපනය සහ හානිය අඩු කිරීමේ සහාය ලබා දීම, මානව හිමිකම් හා මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රතිපත්ති සඳහා අන්තර්ජාතික මඟපෙන්වීම්වලට ගැළපෙන ආකාරයට මානව හිමිකම් සහ මහජන සෞඛ්‍යය කේන්ද්‍රීය මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තියක් ගොඩනැගීම සහ ක්‍රියාත්මක කිරීම යන නිර්දේශ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කර තිබෙනවා.

මේ වසරේ සැප්තැම්බර් 9 වැනිදා සිට ඔක්තෝබර් 9 වැනිදා දක්වා රැස්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 57 වැනි සැසිය වෙනුවෙන් මහකොමසාරිස් වොල්කර් ටර්ක් විසින් අගොස්තු 22 වැනිදා නිකුත් කළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබද වාර්තාවේ මේ බව ඇතුළත් බව වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *