Sat. Jun 28th, 2025

උසාවියේදීම අවසන් ගමන් ගිය පාතාල කෙරුමා : ගණේමුල්ල සංජීව

Feb19,2025 #news #police #slpolitics

කොළඹ අධිකරණය තුළ සිදු කරන ලද වෙඩි තැබීමකින් අද (19) ගණේමුල්ල සංජීව හෙවත් මාකිලංගමුවේ සංජීව නම් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා මරුමුවට පත් වුණා.

වසර 15කට පමණ පෙර සංජීව නමැත්තාගේ අපරාධ ජීවිතය ඇරඹෙන්නේ, කීර විකුණා ජීවිතය ගැට ගසාගත් මහළු මවකගේ මුදල් පැහැර ගැනීමෙන් බවයි පැවසෙන්නේ. ඉන් පසු කායවර්ධන ක්‍රීඩාවට යොමුව සිටි සංජීව බිස්කට් වෑන් රථයක් කොල්ල කා රුපියල් 70000 පැහැර ගත් බව කියැවෙන්නේ 2009 වසරේ දී.

කෙසේ වෙතත් සිරගතව සිට ආපසු පැමිණ අපරාධ ජීවිතය ඇරඹූ සංජීව විසින් සම්බන්ධ මිනීමැරුම් 16ක් ඇති බව කියැවුණා. එල්.ටී.ටී.ඊ සන්නද්ධ සාමාජිකයන් යොදාගෙන අපරාධ කළ බවටද ඔහුට විරුද්ධව බුද්ධි අංශ පරීක්ෂණ ක්‍රියාත්මක වුණා. ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර තිබු දරුණු ගණයේ අපරාධකරුවකු වූ සංජීව ගම්පහ පස් ජාවාරමේ ප්‍රධානියෙක් ලෙසින් සැලකුණා.

කිසිදු අපරාධයකට සම්බන්ධ නොවූ කිහිප දෙනෙකු මරා දැමීම ගැනත් ගණේමුල්ල සංජීවට චෝදනා එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා මරා දැමීමට මෙයට පෙරද උත්සාහ ගෙන තිබුණු බව කියැවෙන අතර අද එම උත්සාහය සාර්ථක කර ගැනීමට අපරාධකරුවන් සමත්ව තිබුණා.

පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *