දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මෙරට හිටපු නිලධාරීන් දෙදෙනෙකු වන උදයංග වීරතුංගට සහ කපිල චන්ද්‍රසේනට එක්සත් ජනපදය විසින් තම රටට ඇතුළුවීම තහනම් කර තිබෙනවා. රාජපක්ෂ පවුලේ ඥාතියෙකු වන උදයංග වීරතුංග රුසියාවේ තානාපති ලෙස කටයුතු කළ අතර කපිල චන්ද්‍රසේන ශ්‍රී ලංකා ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරනු ලැබුවා.
කපිල චන්ද්‍රසේන වෙත එයාබස් ගනුදෙනුවේදී (වෙළඳපොල මිලට වඩා වැඩි මිලට ගැනීම වෙනුවෙන්) අල්ලස් ගත් බවට චෝදනා එල්ල වුණු අතර හිටපු තානාපති උදයංගට මිග් යානා මිලට ගැනීමේ දූෂිත ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල කෙරුණා.
මෙම පුද්ගලයන් දෙදෙනා රාජපක්ෂ රජයේ ප්‍රබල තනතුරු දැරූ අතර ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇමරිකා එක්සත් ජනපදය වෙත ඇතුළුවීම තහනම් කර තිබෙන්නේ එරට ව්‍යවස්ථාවේ 7031 වගන්තියට අනුව රාජ්‍ය දෙපාර්තමේන්තුව විසිනුයි.