ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අපරාධය මෙහෙයවීමට භාවිත කරන ලද සිම්පත් ලබා දී මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම යටතේ එම සැකකරුවන් දෙදෙනාව ඊයේ (28) මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උදාර නිර්මාල් ගුණරත්න නැමති 28 හැවිරිදි පුද්ගලයෙක් සහ නලින් දුෂ්‍යන්ත නැමති 31 හැවිරිදි පුද්ගලයෙකි.