පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත සැකකරුවන් දෙදෙනෙකු අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ ලද තොරතුරක් මත මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
පරීක්ෂා කිරීමේදී සැකකරුවන්ගේ මෝටර් රථයේ තිබී වෙඩි බෙහෙත් කිලෝග්‍රෑම් 75ක්, ඩෙටනේටර් කූරු 300ක්, ජෙලග්නයිට් කූරු 90ක් ඇතුළු උපකරණ සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 සහ 38 වයස්වල පසුවන හිතෝගම සහ මාපලඩිකුලම ප්‍රදේශවල පදිංචිකරුවන්.
පදවිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.