Sat. Jun 28th, 2025

කූඨ ලේඛණ සකස් කළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Aug29,2024

කූඨ ලේඛණ සකස් කර මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

2013 වසරේදී රජයේ රැකියා ලබා දෙන බව පවසමින් කූඨ ලේඛණ සකස් කර පත්වීම් ලිපි ලබා දී මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් පැමිණිලි 26 කට අදාළව බදුල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය පරික්ෂණ ආරම්භ කර තිබුණා.

ඒ ඌව පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමිනුයි.

සැකකාරියන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

අදාළ කාන්තාවන් අධිකරණය මග හරිමින් සිට ඇති අතර පසුව ආරච්චිකට්ටුව පොලිස් වසමේ නල්ලදරම් කට්ටුව ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

අදාළ කාන්තාවන්ට අධිකරණයට මගින් වරෙන්තු 26 ක් ද නිකුත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල විශේෂ අපරාධ විමර්ශන අංශයයි පරික්ෂණ සිදු කරන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *