Sat. Jun 28th, 2025

සිගරැට් දෙකක් කප්පම් ගත් පොලිසියේ 2ට වැඩ වරදී

Nov21,2024 #2024 #news #police

කඩවත අධිවේගී මාර්ගයේ පිවිසුම් දොරටුව ආසන්නයේ දී ජීප් රථ රියදුරෙකුගෙන් රෝල්ස් දෙකක්, ප්ලේන්ටි දෙකක් සහ සිගරැට් දෙකක් කප්පම් ලෙස ලබාගත් පොලිස් සැරයන්වරයෙකුට සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මාතර සිට කඩවත ආ මෙම රථයේ රියදුරා රථවාහන නඩුවක් ඇතැයි බිය කර අසල හෝටලයක් වෙත යවා මෙම දේවල් ගෙන්වා ගෙන ඇති අතර එය වීඩියෝවක් ලෙසින් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වී තිබුණා.

අධිවේගී මාර්ග පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩ තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *