Tue. Apr 29th, 2025

හොර පාරෙන් ගෙන ආ සම සුදුවන කිරිපිටි

Mar5,2025

නීතිවිරෝධිව මෙරටට රැගෙන ආ සිරුර පැහැපත් කිරීමට යොදා ගන්නා විටමින් අඩංගු කිරිපිටි ටින් 179ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් අද (05) උදෑසන ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

රුපියල් ලක්ෂ 18ක් වටිනා එම කිරිපිටි ටින් මැලේසියාවේ සිට මෙරටට ගෙන විත් තිබෙනවා.

සැකකරුවන් අතරින් එක් අයෙකු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් තැනැත්තිය කොළඹ, කොටහේන ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු බවට ජාතික ඖෂධ අධිකාරියේ අවසරයකින් තොරව එම කිරිපිටි තොගය මෙරටට රැගෙන විත් තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *