නුවරඑළිය මහ නගර සභාව යටතේ පාලනය වන නුවරඑළිය බස් නැවතුම්පොළේ පිහිටි පොදු වැසිකිලිය වෙත ගිය පුද්ගලයින් දෙදෙනෙක් අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.
මියගිය දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.
විමර්ෂණයක් සිදු කරන තෙක් එම වැසිකිලිය මුද්‍රා තැබිමටයි පියවර ගෙන ඇත්තේ.
එම වැසිකිලිය තුළින් දැඩි දුර්ගන්ධයක් හමන බවත් ඒ පිළිබඳව විමර්ෂණ කටයුතුවල අවධානය යොමු වි ඇති බවත් නුවරඑළිය පොලිසිය කියා සිටියා.
වැසිකිලය තුළදි මියගිය දෙදෙනාම රෝගින් බවට දැනට හදුනාගෙන තිබෙනවා.
පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා එහි වාර්තාව ලැබෙන තෙක් වැසිකිලි පද්ධතියේ පුරුෂ පාර්ශව අංශය වසා දමන බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.