පොලිසිය විසින් කරන ලද වෙඩි තැබීමකින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
පාදුක්ක මොරගහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්ත ප්‍රදේශයේදී පොලිසියට වෙඩි තබා පලායමින් සිටි ත‍්‍රිරෝද රථයක් ඉලක්ක කරමින් පොලිසිය මෙසේ වෙඩි තබා ඇත.
මාර්ග බාධකයේදී තීරෝද රථයට නවතන ලෙස අණ කළත් පොලිසිය දෙසට වෙඩි තබා මොවුන් පලා ගොස් තිබේ.
ඉන් අනතුරුව එම ස්ථානයේ සිට පොලිස් නිලධාරින්ද අවට පොලිස් ස්ථානවලට දන්වා ඇත.
ඒ සමගම ඒ ආසන්නයේ සිටි පොලිස් නිලධාරීන් පිරිසක් වහා ක්‍රියාත්මක වී ඔවුන් පසුපස හඹා ගොස් වෙඩි තබා තිබේ.
වෙඩි ප්‍රහාරයෙන් දෙදෙනකු මිය ගොස් ඇති අතර තවත් අයෙකු අසල රබර්වත්තකට පැන පලා ගොස් ඇත