හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට අපහාසයක් කළ බවට චෝදනා කරමින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අද ඉවත් වුණා.
මෙම පෙත්සම විමසා බැලීමේ කටයුතුවලින් අද ඉවත් වූයේ කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන් දෙදෙනායි.
ඒ අනුව අදාළ පෙත්සම සළකා බැලීම සදහා අගෝස්තු මස පස්වනදා කැදවීමට නියම කෙරුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී පළකළ අදහස් තුළින් මෙම අපහාසය සිදුවී ඇති බවටයි ඩයනා ගමගේ මහත්මියට චෝදනා එල්ලවී ඇත්තේ.
වැලිගම නගර සභාවේ හිටපු සභාපති රොහාන් ජයවික්‍රම මහතා මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.