රුපියල් මිලියන 30ක් වටිනා නිවාස දෙකක් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිය භාරයට ගෙන අක්මීමන සහ පෝද්දල ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත භාරදී තිබෙනවා.
නීතිවිරෝධී ලෙස උපයා ගත් මුදල් යොදවා කාන්තාවක් විසින් මෙම නිවාස දෙක මිලදී ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ අධිකරණ දුන් නියෝග අනුව මෙලෙස පවරාගනු ලැබුවේ අක්මීමන පොලිස් බල ප්‍රදේශයේ හාලිවෙල සහ පෝද්දල පොලිස් බල ප්‍රදේශයේ හපුගල යන ප්‍රදේශවල නිවාස දෙකක්.
සැකකාර කාන්තාව අධික පොලී ලබාදෙන සංවිධානයක මුදල් ආයෝජනය කරන බවට ජනතාව රවටා අවට ගම්වල ජනතාවගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇති බව පරීක්ෂණවලදී හෙළි වුණා.
ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කැලුම් තිලකරත්න, ගාල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති ඒ එස් එල් නාරංගොඩ ඇතුළු පොලිස් නිලධාරීහු පිරිසක් ඊට සම්බන්ධ වූහ.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ තව දුරටත් විමර්ශන කටයුතු සිදුකරන බව ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කැලුම් තිලකරත්න ප්‍රකාශ කළා.