මහනුවර – පන්විල ප්‍රදේශයේදී ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගඟට වැටීම නිසා පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තවත් අයෙක් අතුරුදන් වී තිබෙනවා.
අසල සිටි කිහිපදෙනෙක් වාහනයේ පසුපස සිටි කාන්තවකගේ දිවි බේරාගෙන ඇති අතර වාහනයේ කොටසක් ජලයට යටව තිබු බැවින් අනෙක් දෙදෙනා බේරාගැනීමට කාලය මඳක් ගතව ඇතැයි සඳහන්. පසුව මිය ගොස් ඇත්තේ ඒ දෙදෙනායි.
වාහනයේ සිව් දෙනෙක් පැමිණ ඇති බව සැලකෙන අතර මේ වන තෙක් අතුරුදන් පුද්ගලයා සොයාගෙන ඇත්තේ නැහැ.
විමර්ශන ක්‍රියාත්මකයි.