Fri. Jun 27th, 2025

බෙන්තර ගඟේ බෝට්ටු දෙකක් මුහුණට මුහුණ ගැටෙයි – දෙදෙනකු අතුරුදන්

Aug23,2024

බෙන්තර ගඟේ සංචාරක බෝට්ටු දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

අනතුරට ලක්ව ඇත්තේ අලුත්ගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය නිමවා පිරිසක් රැගෙන යාත්‍රා කරන බෝට්ටුවක් සහ බෙන්තර ප්‍රදේශයේ සංචාරක බෝට්ටුවක් එකිනෙක ගැටීමෙනුයි.

බෙන්තර සංචාරක හෝටලකින් පැමිණි දෙදෙනෙකු සිද්ධියෙන් අතුරුදන් වුණා.

ඔවුන්ගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි පොලිසිය පවසන්නේ.

අතුරුදන් වූවන් සොයා ගාල්ල නාවික හමුදා කඳවුරේ නිලධාරීන් පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් මෙහෙයුම් සිදුකරනවා.

බෙන්තොට පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *