මධ්‍යම පළාත නියෝජනය කරන විපක්ෂයේ ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරයකුට මත්පැන් බලපත්‍ර දෙකක් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.
ඔහු එම මත් එම බලපත්‍ර දෙක මහනුවර දිගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකුට රුපියල් කෝටි දෙකක පමණ මුදලකට විකුණා ඇති බවද පැවසෙයි.
ආණ්ඩුවට එක්වන බවට වසමින් ඔහු මෙම මත්පැන් බරපත්‍ර දෙක ලබාගෙන ඇති බවද වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිවීමෙන් පසු දිගන ප්‍රදේශයේ විහාරස්ථානයක නායක හිමිනමක් ඒ පිළිබඳව අදාළ බලපත්‍ර ලබාගත් ව්‍යාපාරිකයන් කැඳවා විමසා තිබේ.
එහිදී ඔවුන් පෙන්වා පවසා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම බලපත‍්‍ර ලබා දුන් බවය.
මේ පිළිබඳව එම හිමිනම විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ද පැමිණිලි කර ඇත.