කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක් 19 හැවිරිදි තරුණියකට අතවර කළ බව කියන සිද්ධියකට අදාළව පෙරේදා (13දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව මාවතගම පොලිසිය පවසනවා.
අතවරයට ලක්වූ තරුණිය අදාළ ගුරුවරයාගෙන් මුදාගන්නා අවස්ථාවේ ඇයට මත්පැන් පොවා තිබූ බවත් ඇය සිහිමඳ ගතියෙන් පසුවූ බවත් පොලිසිය සදහන් කළා
40 හැවිරිදි වියේ පසු වූ ගුරුවරයාද මත්පැන් පානය කර ඔහුද මත්වී සිට තිබෙනවා
කුරුණෑගල මාවතගම පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ස්ථානයට අදාළ තරුණිය ගොස් තිබෙන්නේ, ඒ වනවිටත් සැකකාර ගුරුවරයා එහි රැඳී සිට තිබේ.
ඒ අසල යාබද ගොඩනැඟිල්ලක සීසීටීවී කැමරා සවි කරමින් සිටි පිරිසකට ඇති වූ සැකයක් මත සෝදිසි කර තරුණිය ඇතුල් වූ උපකාරක පන්ති පවත්වන ස්ථානයේ විදුලි බල්බ නොදල්වා තිබීම හේතුවෙන් පිරිස එම ස්ථානයට ගොස් තිබෙනවා
එම අවස්ථාවේ සැකකාර ගුරුවරයා අදාළ තරුණියට අතවර කරමින් සිට ඇති අතර පසුව පිරිස එම ගුරුවරයාගෙන් තරුණිය මුදාගැනීමට පියවර ගනු ලැබීය.
මෙම ගුරුවරයා බව කියන සැකකරු අදාළ තරුණියට මත්පැන් පානය කිරීමට ඉඩ සලස්වා අතවර කිරීමට උත්සාහ ගෙන තිබිණි.
පසුව පැමිණි පිරිස දෙදෙනාට ඇඳුම් අන්දවා ඇති අතර අනතුරුව ඔවුන් මේ ගැන පොලිසියට දැනුම් දී අනතුරුව එම ස්ථානයට පොලිසිය පැමිණ තිබෙනවා
පසුව තරුණියව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
සැකකාර ගුරුවරයා මාවතගම, අරංපොළ ප්‍රදේශයේ පදිංචි අයකු වන බවද පොලිසිය පවසයි.
පසුව පොලිසිය කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා මෙලෙස අතවර කර ඇත්තේ තම බිරිඳගේ පුංචි අම්මාගේ දියණියට බවය.
අදාල ගුරුවරයාගෙන් දැරිය මුදාගත් අවස්ථාවේ පිරිස විසින් ගුරුවරයාට පහර දී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.