Sat. Jun 28th, 2025

විශ්වාසය අබමල් රේණුවකින්වත් බිඳින්නෑ: ජනපති

Dec13,2024 #news #slpolitics

ආණ්ඩුවේ කුමන තරාතිරමක අයෙක් වුවත් වරදක් කර ඇත්නම් ක්‍රියාමාර්ග ගන්නා බව ජනපති අනුර දිසානායක පවසනවා. අද (13) උදෑසන රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ඔහු මේ බව අවධාරණය කර ඇති බව සඳහන්.

දසක හතකට වැඩි කාලයක් තිස්සේ මේ රටේ ජනතාව විවිධ ආණ්ඩු බිහි කළ බවත් – ආණ්ඩු පෙරළූ බවත්, පැවසූ ඔහු ඉතිහාසයේ පළමු වෙනි වතාවට මෙවර අවස්ථා දෙකකදී ජාතික ජනබලවේගයට ලබා දුන් ජනවරමේ අර්ථය ගැන අදහසක් තමන්ට ඇති බවද ඔහු සිහිපත් කළා.

මේ රටේ ජනතාව තමන් වෙත ලබා දුන් විශ්වාසයට අබමල් රේණුවකින් හානියක් වන්නට ඉඩ නොතබන බවද ජනපතිවරයා කියා සිටියා.

ඉතාම කෙටියෙන් කියන්නේ නම් රට තුල වැරදි කරන කිසිවෙකු ආරක්ෂා කිරීමට ආණ්ඩුව සූදානම් නැති බවත් ආණ්ඩුවේ කවර තරාතිරමක කෙනෙක් වුව වරදක් කරන්නේ නම් එයට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට නොපැකිළෙන බවත් ජනපතිවරයා පවසා තිබුණා.

ජාතික ජනබලවේග රජයේ ඉහළ බලධාරීන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සැක සංකා මතුව ඇති සන්දර්භයකයි ජනපතිවරයා මෙසේ ප්‍රකාශ කර ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *