Sat. Jun 28th, 2025

දුම්රිය වර්ජනය යළි ඇරඹෙයි

විසඳුම් නොලැබෙන්නේ නම් දීපවාලි උත්සවය හේතුවෙන් අත්හිට වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය යළි හෙට (02) දිනය තුළ ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ අද (01) දිනයේ දී සිය වෘත්තීය ක්‍රියාමාර්ගය නොපැවැත්වෙන බවයි.

බඳවා ගැනීම් හා උසස් වීම් ක්‍රියා පටිපාටිය විධිමත් කිරීම සහ වැටුප් විෂමතා නිවැරදි කිරීම ඇතුළු ඉල්ලීම් වලට විසදුම් ඉල්ලා පසුගියදා 30 වනදා දියත් කළ වර්ජනය එදින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණා.

කෙසේ වෙතත් වර්ජනයත් සමග කන්කසන්තුරය දක්වා පෙර දැනුම් දීමකින් තොරව ගමන් කළ දුම්රියක් හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 30 කට ආසන්න පාඩුවක් සිදු වී ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා තව දුරටත් පවසා තිබෙනවා.

‍දුම්රිය ස්ථානාධිපති තනතුරට අදාළව මතුව ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පසුගියදා (30) තීරණය කළා.

එහිදී ඔවුන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, ආසන වෙන් කිරීම හා පාර්සල් භාර ගැනීම ආදී කටයුතුවලින් ඉවත් වීමට පියවර ගත්තා.

කෙසේවෙතත්, ඔක්තොම්බර් 31 දිනය යෙදී තිබුණු දීපාවලී දිනය වෙනුවෙන් එම වර්ජනය තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *