ඉතා අවාසනාවන්ත ලෙස 15 වියැති පාසල් දැරියක් කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියෙන් පහළට පැන සිය දිවි නසා ගැනීමේ සිදුවීම පසුපස ඇති බොහෝ තොරතුරු මේ වන විට හෙළිදරව් වී තිබෙනවා.
රාධ්‍යා ගුණසේකර නමැති මෙම දැරිය කොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගේ දියණියක්. මාස තුනකට පමණ උඩදී කොළඹ නවම් මාවතේ පිහිටි අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පහළට පැන දිවි නසාගත් සිසු යුවළ අධ්‍යාපනය ලැබූ කොළඹ ජාත්‍යන්තර පාසල නම් පාසලේම ඔවුන්ගේ පංතියේම සිසුවියක් වන රාධ්‍යා මිය ගිය දෙදෙනාගේ සමීපතම මිතුරියක බව ඇගේ පියා ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබෙනවා.
පෙර දිවි නසාගත් දෙදෙනා එසේ දිවි නසාගැනීමේ ගමන යාමට පෙර මෙම දැරියගෙන් ඉතා හැඟීම්බර අයුරින් සමුගෙන ඇති බව ද පැවසෙනවා. රාධ්‍යා දැරිය සිය සමීපතම මිතුරන්ගේ අහිමි වීමෙන් දැඩි ලෙස කලකිරී සිට ඇති බවයි මේ වන විට අනුමාන කෙරෙන්නේ.
කෙසේ වෙතත් පසුගිය දා සිදුවූ රාධ්‍යා දැරියගේ සිය දිවි නසාගැනීම ඇගේ මිතුරු යුවළගේ සිය දිවි නසාගැනීමට බොහෝ සෙයින් සමාන බවයි පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.
පාසල නිම වුණු පසු නෙළුම් කුළුණ පරිශ්‍රය වෙත පැමිණි දැරිය එහි වැසිකිළිය වෙත ගොස් පාසල් නිල ඇඳුම ඉවත් කර පාට ඇඳුමක් ඇඳගෙන තිබෙනවා. පසුව නැරඹුම් මැදිරිය වෙත ගොස් ඇගේ උපැස් යුවළ, බෑගය පසෙකින් තබා සපත්තු ද ගලවා තබා පහළට පැන තිබෙනවා. එම අවස්ථාවේදී ඒ අසල නෙළුම් කුළුණ පරිශ්‍රයේ ආරක්ෂකයන් පස් දෙනෙකු සිට ඇතත් ඔවුන්ගේ ඇස් වසා පහළට පැනීමට දැරිය සමත් වී ඇති බවයි හෙළි වන්නේ. ආරක්ෂක ප්‍රමිතීන්ට අනුව නිමවා ඇති නිසා ඇයට පහළට පැනීම සඳහා යම් පරිශ්‍රමයක් දැරීමටද සිදුව ඇති බව ආරක්ෂක කැමරා නිරීක්ෂණයෙන් සොයාගෙන තිබෙනවා.
තෙවැනි තට්ටුවට ඇද වැටුණු දැරියගේ සිරුරට බරපතළ හානි සිදුවී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණා.
මේ සිදුවීම සම්බන්ධයෙන් මනෝ වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ නව යොවුන් දරුවන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් දෙමව්පියන් මෙයට වඩා විමසිලිමත් විය යුතු බවයි.
මෙයට පෙර සිදු වූ අල්ටෙයාර් ඛේදවාචකයේදී මත්ද්‍රව්‍ය සම්බන්ධයක් ඊට ඇති බවට යම් අදහස් පළ වුව ද මෙම සිදුවීම සම්බන්ධයෙන් එවැනි සැකකටයුතු කිසිවක් පැවසෙන්නේ නැහැ. කෙසේ වෙතත් පරීක්ෂණ දිගටම ක්‍රියාත්මක වෙනවා.