මාතර බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක් මතට බෝ ගසක අත්තක් කඩා වැටීම නිසා එක් රැඳවියෙකු මරුමුවට පත් වුණා. තවත් 11 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
මියගිය රැඳවියා වයස 34ක් වන මිදිගම තුර්කි ගම්මානයේ පදිංචිකරුවෙක්.
පොලිසිය පවසන්නේ රැඳවියන් රඳවා තිබු G සහ F වාට්ටු මතට බෝ ගසක අත්තක් මෙලෙස කඩා වැටී ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ එම වාට්ටුවල 100කට ආසන්න රැඳවියන් පිරිසක් රඳවා තිබී ඇතැයි සඳහන්.