මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වයට නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
දැනට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එච්. සී. ඩී. එල්. සිල්වා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු වශයෙන් පත් කර තිබෙනවා.
එමෙන්ම දැනට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු ලෙස සේවය කරනු ලබන ආර්. එම්. පී. රත්නායක 2024-11-06 දින විශ්‍රාම ලැබීමෙන් අනතුරුව පුරප්පාඩු වන එම තනතුර සඳහා දැනට විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ඩී. ඒ. පී. අබේසේකර පත් කරනු ලැබුවා.
එච්.සී.ඩී. එල්.සිල්වා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු වශයෙන් පත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වන භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා දැනට රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ඒ. එන්. හපුගල පත් කර තිබෙනවා.
දැනට ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එන්. එස්.එම්.පී.රංජිත් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් පත් කර තිබෙනවා.
දැනට පුරප්පාඩුව පවතින ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි ජේ. එම්. එස්. ඩී. රත්නායක පත් කරනු ලැබුවා.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම පත්වීම් සිදු කර තිබෙනවා.