Sat. Jun 28th, 2025

සරසවි අනධ්‍යන සේවක වැඩවර්ජනයට අදට දින 50යි

Jun20,2024

වැටුප් ගැටළුවක් මුල්කර ගනිමින් සරසවි අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනයට අදට දින 50ක් වනවා.

ඔවුන් ඊයේ සිට දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාල 17 ඉදිරිපිට අට්ටාල ගසා සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ද ආරම්භ කළා.

ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ, සෞන්දර්ය කලා, ශ්‍රී ලංකා විවෘත, කැලණිය, රුහුණු, සබරගමුව, රජරට, වයඹ, ඌව වෙල්ලස්ස, යක්කල ආයුර්වේද, නැගෙනහිර, අග්නිදිග, වව්නියාව, යාපනය ඇතුළු විශ්වවිද්‍යාලය 17 තුළ මෙම සත්‍යග්‍රහය ක්‍රියාත්මක වන බවයි විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා පැවසුවේ.

සිය වැටුප් ගැටළුවට නිසි විසඳුම් ලබාදීමට බලධාරීන්ට සතියක පමණ කාලයක් ලබාදෙන බවද ඒ මහතා අවධාරණය කළා.

තවදුරටත් ඒ සඳහා විසඳුම් නොලැබෙන්නේ නම් මේ වනවිට ක්‍රියාත්මක කෙරෙන සත්‍යග්‍රහ ව්‍යාපාරය කොළඹට ගෙන ඒමට කටයුතු කරන බවයි ධම්මික එස්. ප්‍රියන්ත මහතා කියා සිටියේ.

කෙසේ වෙතත් සිය ගැටළුවලට මුදල් අමාත්‍යාංශයේ නියෝජිතවරයාගෙන් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාගෙන් සුබදායක පිළිතුරු ලැබුණු බවද ඔහු ප්‍රකාශ කළා.

මේ වනවිට විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ල නතර වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා අවධාරණය කළේ, මෙම ගැටළුවට විසඳුම් ලබාදෙන බවට ලිඛිතව දැනුම් ‌දෙන ලෙසත්, එලෙස ලිඛිතව උත්තරය ලද විගස වැඩ වර්ජනය අවසන් කරන බවත් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා වැඩිදුරටත් කියා සිටියා.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *